කටුනායක ප්‍රභූ පර්යන්තයට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ.

මේ හේතුවෙන් විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ ගමන් මලු පරීක්ෂා නොකෙරෙන බව රේගු නිලධාරීන් පෙන්වා දෙනවා.

විදේශ රටවල් රැසක විශේෂ මගී පර්යන්තවල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්තවල ද අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර සවි කර තිබෙනවා.

ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුවයි මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ.

ඊට අදාළ වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16