spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක ගුවන් තොටේ දැවැන්ත රන් වැටලීමක්

රුපියල් කෝටි 40ක අධික වටිනාකමින් යුත් රන් ආභරණ සහ රන් කුඩු තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් චෙන්නායි සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයන්ගේ ගමන් මළුවල තිබී හඳුනාගැනීමට නොහැකි ලෙස වර්ණ ගැන් වූ රන් ආභරණ, ද්‍රව ලෙස සකස් කළ රන් කුඩු සහ රන් අලේප කළ ඇඳුම් 30ක් සොයා ගැනීමට හැකිවූ බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

මෙය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ සිදුකළ දැවැන්ත රත්‍රං වැටලීමක් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම සැකකරුවන්ගෙන් තිදෙනෙක් ඩුබායි සිට චෙන්නායිවලට පැමිණ එතැන් සිට කටුනායක බලා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය බුද්ධි තොරතුරු ආයතනයක් දුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?