කංසා වැවීමේ නීතිය හෙට කැබිනට් මණ්ඩලයට

කංසා වගාකිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළව කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට හෙට (05 ) ඉදිරිපත් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

ආයෝජන මණ්ඩලයට අයත් ඉඩම්වල මෙම කංසා වගා කිරීමට නියමිතයි.මෙහිදී අපනයනය සඳහා පමණක් ඖෂධීය කංසා වගාව කිරීමට නීතිගත කිරිමට නියමිතය. මෙහිදි අපනයනය කරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා පමණක් බව ආයුර්වේද රාජ්‍ය ඇමැති පැවසීය. ඖෂධීය කංසා වගාව සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නීති රෙගුලාසි සකස් කිරීම සඳහා නෛතික බලය ආයුර්වේද දෙපාර්තමේන්තුවට නොමැති බැවින්, එම අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.කංසා වගා කිරීමට අදාළව ආයෝජකයන් රැසක් ඉදිරිපත්ව සිටින බවත්, ඊට අදාළ කටයුතු සියයට 90 ක් පමණ අවසන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.