spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

මේ දිනවල රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ 15 දින මෙම පරීක්ෂණයට අදාළව පැමිණිලිකරුවන් සහ වගඋත්තරකරුවන් පරීක්ෂණ සඳහා කැඳවූ බවයි එම කොමිසම කියාසිටියේ.

එහිදී මෙම පරීක්ෂණයේ වගඋත්තරකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනයන් නම්කර සිතාසි යොමු කර තිබුණා.

එහෙත් මෙම පරීක්ෂණයේදී තීරණ ගත හැකි මට්ටමේ නිලධාරීන් අදාළ ආයතන නියෝජනය කරමින් සහභාගී නොවීම පදනම් කර ගනිමින් පැමිණිලි විභාගය ලබන 23 වනදාට කල් දමා තිබෙනවා.

ඉතාමත් කඩිනමින් මැදිහත් විය යුතු ජාතිකමය වැදගත්කමක් සහිත ගැටලුවක් ලෙසට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිගය සලකනු ලබන බවයි මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ.

ඒ අනුව කල් ගත කිරීමකින් තොරව ඉතා ඉහළ ප්‍රමුඛතාවකින් මෙම ඖෂධ ගැටලුව විසඳාගත යුතු අතර එබැවින් ඉහත ආයතනවල ප්‍රධානීන් වෙත සිතාසි යොමු කර කැඳවීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද කොමිසම සඳහන් කළා.

මෙම පැමිණිල්ලේ පැමිණිලි පාර්ශවය ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කරනු ලබනවා.

HRCSL Press Notice
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?