ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

මේ දිනවල රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ 15 දින මෙම පරීක්ෂණයට අදාළව පැමිණිලිකරුවන් සහ වගඋත්තරකරුවන් පරීක්ෂණ සඳහා කැඳවූ බවයි එම කොමිසම කියාසිටියේ.

එහිදී මෙම පරීක්ෂණයේ වගඋත්තරකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනයන් නම්කර සිතාසි යොමු කර තිබුණා.

එහෙත් මෙම පරීක්ෂණයේදී තීරණ ගත හැකි මට්ටමේ නිලධාරීන් අදාළ ආයතන නියෝජනය කරමින් සහභාගී නොවීම පදනම් කර ගනිමින් පැමිණිලි විභාගය ලබන 23 වනදාට කල් දමා තිබෙනවා.

ඉතාමත් කඩිනමින් මැදිහත් විය යුතු ජාතිකමය වැදගත්කමක් සහිත ගැටලුවක් ලෙසට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිගය සලකනු ලබන බවයි මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ.

ඒ අනුව කල් ගත කිරීමකින් තොරව ඉතා ඉහළ ප්‍රමුඛතාවකින් මෙම ඖෂධ ගැටලුව විසඳාගත යුතු අතර එබැවින් ඉහත ආයතනවල ප්‍රධානීන් වෙත සිතාසි යොමු කර කැඳවීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද කොමිසම සඳහන් කළා.

මෙම පැමිණිල්ලේ පැමිණිලි පාර්ශවය ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කරනු ලබනවා.

HRCSL Press Notice


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28