රට තුළ පවතින ඖෂධ හිගය ලබන වසර මුල වනවිට බොහෝ දුරට මගහැරී යනු ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා විශ්වාසය පල කරයි.
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ඖෂධ විශාල ප්‍රමාණයක් එකවර ආනයනය කිරීමේ නොහැකි තත්ත්වයක් පවතී. වරින් වර ඇතැම් ඖෂධවල හිගයක් ඇතිවීමට හේතුව එයයි.
කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිදු ප්‍රතිකාරයක් ඖෂධ හිගය හේතුවෙන් අඩපන වී නැතැයි අධ්‍යක්‍ෂවරයා අවධාරණය කරයි













