ඖෂධ මගඩියට සම්බන්ධ තවත් ලොක්කෙක් අත්අඩංගුවට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) අත්අඩංගුවට ගත්තා.

ඖෂධ නියාමන අධිකාරී පනත උල්ලංඝනය කරමින්, රජයේ සෞඛ්‍ය පද්ධතිය වෙත ප්‍රමිතියෙන් තොර ඖෂධ, නිසි පටිපාටියෙන් බැහැරව මිලදී ගැනීම සඳහා කටයුතු කිරීම පිළිබඳව වෛද්‍ය විජිත් ගුණසේකරට චෝදනා එල්ල වී තිබෙනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර මිලදී ගෙන ඇති ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලිීන් සහ රිටොක්සි මැප් ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වෛද්‍ය විජිත් ගුණසේකර ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 10 කට ආසන්න කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොවිඩ් වසංගතයත් ඉන් පසුව රටේ පැන නැගි ආර්ථික අර්බුදයත් හේතු ලෙස දක්වමින් රටේ හදිසි ඖෂධ අවශ්‍යතාවයක් පවතින බව පවසා සාමාන්‍ය ඖෂධ මිලදීගැනීමේ පටිපාටියෙන් බැහැරව එකී ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබුණා.

ඒ් අනුව බරපතළ ස්නායු ආබාධ සහිත රෝගීන් සඳහා ලබාදෙන ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන රිටොක්සි මැප් ඖෂධ හදිසි ඖෂධ මිලදී ගැනීම් ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම සඳහා අනුමැතිය දෙන, ලියාපදිංචිය අත්හැරීමේ ලිපියට අත්සන් තබා තිබුණේ, එවක ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර විසින්.

එහෙත් අදාළ ලියාපදිංචිය අත්හැරීමේ ලිපිය ව්‍යාජ එකක් බව දක්වමින් ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

මෙම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරීන් ගණනාවක් සහ හිටපු අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගත්ත ද වෛද්‍ය විජිත් ගුණසේකර වෛද්‍ය පර්යේෂණායතනයේ විධායක තනතුරකට මාරු කර යවා තිබුණා.

ඔහු ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත්ව යෑමට පෙර එහි තිබූ දත්ත විනාශ කළ බවට මෙන්ම ලිපි ලේඛන ඉරා දැමූ බවටත් සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38