ඖෂධ නියාමන අධිකාරිය තහනම් කළ ඖෂධය ගැන වෛද්‍ය මතය කියයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන එන්නතක් වන ඔන්ඩන්සෙට්‍රොන් (Ondansetron) යන ඖෂධය භාවිතා කිරීම වළක්වාලමින් පසුගිය දා (12) ලිපියක් නිකුත් කර තිබුණා.

මෙම ඖෂධය Ondanman 8 යන වෙළඳ නාමයෙන් ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන අතර ප්‍රධානතම වමන නාශක ඖෂධයක් ලෙස මෙය භාවිත වන බවයි වාර්තා වන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙලෙස මෙම ඖෂධය තහනම් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (16) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ විසින් පවසා සිටියේ එම ඖෂධය භාවිතා කළ රෝගීන් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මෙලෙස ආසාත්මිකතා වාර්තා වීම මත මහනුවර ජාතික රෝහල විසින් සිදු කරනු ලැබූ මූලික විමර්ශනයක වාර්තාවක් මත පදනම්ව ඖෂධයේ ප්‍රමිතිය පිළිබද ඈති වූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙලෙස මෙම ඖෂධය තාවකාලිව භාවිතය අත්හිටවීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

මෙම ඖෂධය නිෂ්පාදනය කරන ක්‍රියාවලිය අතරතුරදීම මෙලෙස ඖෂධයේ ප්‍රමිතියට හානියක් සිදු වූවාද නැතිනම් ආනයනය කළ පසු ප්‍රවාහනය ඇතුළු දේශීය ක්‍රියාවලිය තුළ යම් කිසි හානියක් සිදු වූවාද යන්න සම්බන්ධයෙන් හඳුනාගැනීම සිදු කළ යුතු බව ඔහු සඳහන් කළා.

එමෙන්ම එලෙස ඖෂධයක් මෙරටට් රැගෙන ඒමේදී ඖෂධ නියාමන අධිකාරියේ විද්යගරයාක් තුළ පරීක්ෂණ කටයුතු සිදු කොට රට තුළට රැගෙන ඒමට අවසර හිමිවන නිසා එම පරීක්ෂණ ක්‍රියාවලිය තුළ මෙම ගැටළුව මතු නොවුනේ මන්ද යන්න සම්බන්ධයෙන්ද ප්‍රශ්න සහගත බව වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් සෑම වසකරම සිදුවන බවත් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ඔහු ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා දැන්
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11