ඕස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නගරයක් ලැව් ගින්නෙන් දැවේ

ඕස්ට්‍රේලියාවේ බටහිර කලාපයේ අගනුවර ලෙස සැලකෙන පර්ත් නගරය තුළ මේවනවිට දරුණු ලෙස ලැව්ගිනි පැතිරෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ උණුසුම් කාලගුණය හා ප්‍රබල සුළං ප්‍රවාහයන් හමුවේ ලැව්ගිනි ඉක්මනින් පැතිර යමින් ඇති බවයි.

නගරයේ කිලෝ මීටර් 75 ක වපසරියක් පුරා මේවනවිට ලැව්ගිනි පැතිර ඇති අතර ඉන් පිටවන දුමාරය නගරය පුරා ව්‍යාප්තව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ලැව්ගිනි ව්‍යාප්තිය හේතුවෙන් පර්ත් නගරයේ පිහිටි නිවාස 30 ක් පමණ මේවනවිටත් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. 

පර්ත් නගරය තුළ මෙලෙස ලැව්ගිනි පැතිර යමින් ඇත්තේ නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ එම නගරය වසා දමා ඇති පසුබිමක් තුළයි. 

ඒ අනුව මිලියන 02 කට ආසන්න වැසියන් පිරිසක් මේවනවිටත් නගරය තුළ නිරෝධායන රීතීන්ට යටත්ව සිටිනවා. කෙසේවෙතත්, ලැව්ගිනි ව්‍යාප්තියත් සමග ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි අධි අවදානම් ප්‍රදේශවල සිටින වැසියන්ට බලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ. ඒ හේතුවෙන් නිරෝධායන රීති උල්ලංඝණය කරමින් සිය වාසස්ථාන අතහැර ආරක්ෂිත ස්ථාන කරා යොමුවීමට පර්ත් නුවර වැසියන්ට සිදුව තිබෙනවා. 

එය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට හේතුවක් විය හැකි බැවින් අවදානම් කලාපයේ බැහැර සෙසු ප්‍රදේශවල වැසියන්ට හැකිනම් සිය වාසස්ථාන තුළම ආරක්ෂිතව සිටින ලෙසයි පර්ත් බලධාරීන් දැනුම් දී ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09