spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නගරයක් ලැව් ගින්නෙන් දැවේ

ඕස්ට්‍රේලියාවේ බටහිර කලාපයේ අගනුවර ලෙස සැලකෙන පර්ත් නගරය තුළ මේවනවිට දරුණු ලෙස ලැව්ගිනි පැතිරෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ උණුසුම් කාලගුණය හා ප්‍රබල සුළං ප්‍රවාහයන් හමුවේ ලැව්ගිනි ඉක්මනින් පැතිර යමින් ඇති බවයි.

නගරයේ කිලෝ මීටර් 75 ක වපසරියක් පුරා මේවනවිට ලැව්ගිනි පැතිර ඇති අතර ඉන් පිටවන දුමාරය නගරය පුරා ව්‍යාප්තව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ලැව්ගිනි ව්‍යාප්තිය හේතුවෙන් පර්ත් නගරයේ පිහිටි නිවාස 30 ක් පමණ මේවනවිටත් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. 

පර්ත් නගරය තුළ මෙලෙස ලැව්ගිනි පැතිර යමින් ඇත්තේ නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ එම නගරය වසා දමා ඇති පසුබිමක් තුළයි. 

ඒ අනුව මිලියන 02 කට ආසන්න වැසියන් පිරිසක් මේවනවිටත් නගරය තුළ නිරෝධායන රීතීන්ට යටත්ව සිටිනවා. කෙසේවෙතත්, ලැව්ගිනි ව්‍යාප්තියත් සමග ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි අධි අවදානම් ප්‍රදේශවල සිටින වැසියන්ට බලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ. ඒ හේතුවෙන් නිරෝධායන රීති උල්ලංඝණය කරමින් සිය වාසස්ථාන අතහැර ආරක්ෂිත ස්ථාන කරා යොමුවීමට පර්ත් නුවර වැසියන්ට සිදුව තිබෙනවා. 

එය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට හේතුවක් විය හැකි බැවින් අවදානම් කලාපයේ බැහැර සෙසු ප්‍රදේශවල වැසියන්ට හැකිනම් සිය වාසස්ථාන තුළම ආරක්ෂිතව සිටින ලෙසයි පර්ත් බලධාරීන් දැනුම් දී ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?