spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘ඕයේ ඔජායේ’ (Oye Ojaaye) ගීතයේ අනුවාදයක් එළි දක්වයි

‘ඕයේ ඔජායේ’ (Oye Ojaaye) පැරණි සිංහල ගීතයේ නව අනුවාදයක් ඊයේ කොළඹ දී එළි දක්වා තිබෙනවා.

මෙම ගීතයේ මුල් අයිතිය හිමි ව ඇත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායමටයි.

ගීතය මුලින් ම ගායනා කරනු ලැබුවේ; ප්‍රවීණ ගායක පියල් පෙරේරා විසින්.

නව අනුවාදනය තරුණ පරපුරේ ගායක අර්ජුන් කුමාරස්වාමි එක්වයි පියල් පෙරේරා සූරීන් ගායනා කර ඇත්තේ.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම ගීතය වසර 35කට පසුව යළිත් මුල් ගීතයේ හැඩය සහ දර්ශන වෙනස් වී එළිදැක්වීමයි.

ගීතයේ අන්තර්ගතයේ දැක්වෙන්නේ වනයක ජීවත්වන වැදි නායකයාගේ දියණිය කඩවසම් තරුණයෙකුට විවාහ කරදෙන පුවතකි.

මෙම ගීතයට හඬ මුසු කරන අර්ජුන් කුමාර්ස්වාමි යනු මෙරට මහබැංකු අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පුත්‍රයා යි.

ජිප්සිස් වාදක මණ්ඩලය විසින් ම මීට වසර 35කට පෙර ගායනා කරන ලද ඕයේ ඔජායේ ගීතය එවක සිට මේ දක්වා රසිකයින් විශාල ප්‍රමාණයක් ආදරයෙන් වැළඳ ගත් ගීයක් ලෙසිනුයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?