‘ඕයේ ඔජායේ’ (Oye Ojaaye) ගීතයේ අනුවාදයක් එළි දක්වයි

‘ඕයේ ඔජායේ’ (Oye Ojaaye) පැරණි සිංහල ගීතයේ නව අනුවාදයක් ඊයේ කොළඹ දී එළි දක්වා තිබෙනවා.

මෙම ගීතයේ මුල් අයිතිය හිමි ව ඇත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායමටයි.

ගීතය මුලින් ම ගායනා කරනු ලැබුවේ; ප්‍රවීණ ගායක පියල් පෙරේරා විසින්.

නව අනුවාදනය තරුණ පරපුරේ ගායක අර්ජුන් කුමාරස්වාමි එක්වයි පියල් පෙරේරා සූරීන් ගායනා කර ඇත්තේ.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම ගීතය වසර 35කට පසුව යළිත් මුල් ගීතයේ හැඩය සහ දර්ශන වෙනස් වී එළිදැක්වීමයි.

ගීතයේ අන්තර්ගතයේ දැක්වෙන්නේ වනයක ජීවත්වන වැදි නායකයාගේ දියණිය කඩවසම් තරුණයෙකුට විවාහ කරදෙන පුවතකි.

මෙම ගීතයට හඬ මුසු කරන අර්ජුන් කුමාර්ස්වාමි යනු මෙරට මහබැංකු අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පුත්‍රයා යි.

ජිප්සිස් වාදක මණ්ඩලය විසින් ම මීට වසර 35කට පෙර ගායනා කරන ලද ඕයේ ඔජායේ ගීතය එවක සිට මේ දක්වා රසිකයින් විශාල ප්‍රමාණයක් ආදරයෙන් වැළඳ ගත් ගීයක් ලෙසිනුයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05