ඕමාන් පිළ පැරදූ අපේ සිංහයින් දෙවන T20යේ ජය තමන් සතු කර ගනී

ඕමාන කණ්ඩායම සමග පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණූ ගණන 159ක්.

ඕමාන කණ්ඩායම වෙනුවෙන් අකිබ් ඉල්යාස් ලකුණු 59ක් රැස්කළ අතර කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2ක බැගින් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු, දසුන් ශානක සහ මහේෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණා.ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 35ක් බැගින් රැස් කළා