ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවත් සුපිරි 6 වටයට

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඔස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම තරගය අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි

මේ අතර අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. ඒ නැමීබියා කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.
කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

මෙම පරාජයත් සමග නැමීබියාවේ ලෝක කුසලාන ගමන නිමාවට පත් වන්නේ සී කාණ්ඩයේ තමන් සහභාගී වූ තරග තුනම පරාජය වීම හේතුවෙන්.

ඒ අනුව අද පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සමග සිම්බාබ්වේ කණ්ඩායම් සුපිරි 6 දෙනාගේ වටයට දැනටමත් සුදුසුකම් ලබා අවසන්.

සුපිරි 6 දෙනාගේ වටයට අපරාජිතව සුදුසුකම් ලැබීමට පාකිස්තාන 19න් පහළ කණ්ඩායම සමත් වුණේ නවසීලන්තය කඩුලු 10කින් පරාජය කරමින්.

පාකිස්තාන පන්දු යවන්නන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම ලකුණු 140කට සීමා කළා.

කිසිවෙකු නොදැවී 26 වැනි පන්දුවාරයේ දී එම ඉලක්කය සම්පූර්ණ කර ගන්නට පාකිස්තාන යෞවනයන්ට හැකි වුණා.

ඒ අනුව ඩී කණ්ඩයෙන් පාකිස්තානය, නවසීලන්තය සහ නේපාලය සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා

ස්කොට්ලන්ත 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටුණේ සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 7කින් පරාජය වීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 269ක් රැස් කළා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිහරඹය නතර කරන්නට පන්දු යවන්නන් සමත් වුණේ නැහැ.

පන්දු වාර 27කදී ලකුණු 273ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානුවන් තරගය ජය ගත්තේ කඩුලු 3ක් පමණක් දැවී තිබියදී.

ඒ අනුව තරග 2 බැගින් ජය ගනිමින් දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් බී කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43