ඔස්ට්‍රේලියාවේදී අමිහිරි සිදුවීමකට මුහුණ දිමට් සිදුවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරග සංචාරය අතර වාරයේදී තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට අමිහිරි සිදුවීමකට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වනවා.

ඊයේ පැවති සිව්වෙනි විස්සයි 20 තරගයට පෙර වූ පුහුණුවීම් අතර වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ අවිශ්ක ප්‍රනාන්දු ගේ දණ හිසේ ආබාධයක් හටගෙන ඇති බවයි එරටින් ලැබෙන වාර්තා මගින් දැක්වෙන්නේ.

මේ වන විට අවිශ්ක ප්‍රනාන්දුට දණ හිසේ ශල්‍යකර්මයක් සිදුකිරීමට සිදුව ඇති බවත්, එය ඕස්ට්‍රේලියාවේ දී සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු හට මාස 03කට අධික කාලයක් ක්‍රිකට් පිටියට සමුදීමට සිදුවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?