ඔස්ට්‍රේලියාවට ලකුණු 210ක ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවට ප්‍රතිවාදී ශ්‍රී ලංකාවෙන් මීට ටික වේලාවකට පෙර හිමි වූ ඉලක්කය ලකුණු 210ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

මෙන්ඩිස්ගේ තීරණයට ලක්නව් පිටියේ දී සාධාරාණය ඉටු කිරීමට ආරම්භක පිතිකරුවන් දෙපළ වූ පැතුම් නිස්සංකට සහ කුසල් පෙරේරාට හැකි වුණත් අනිත් කිස්දු ක්‍රීඩකයෙකුට සිතූ තරම් සාර්ථක ලෙස ලකුණු අතරට පැමිණෙන්නට ඔස්ට්‍රේලියාවේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ආරම්භක කඩුල්ලට පැතුම් හා කුසල් එක් ව ලකුණු 125ක සබඳතාවක් ගොඩනැගුව ද, ඒ සියල්ල දියාරු වූයේ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා දැවී යාමෙන් පසුව ආ කිසිදු පිතිකරුවෙකු සාර්ථක නොවීම හේතුවෙන්.

කුසල් පෙරේරා ලකුණු 78ක් සහ නිස්සංක ලකුණු 61ක් ලබා ගත්තා.

තරගාවලියේ දිගින් දිගටම සාර්ථක වූ නායක මෙන්ඩිස්ට අද දිනයේ දී ලබාගත හැකි වූයේ ලකුණු 09ක් පමණයි.

චරිත් අසලංක හැර අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකර යන්නට හැකි වූයේ නැහැ.

දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාගේ කඩුලු බිල්ලට හසු වූ ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනෙකු යළිත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔහු සමත් වුණා.

අසලංක ලකුණු 25යි.

මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් අතරේ කඩුලු 02ක බැගින් බිඳී ගිය අතර, මැක්ස්වෙල් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල දවා ගත්තා.

තරගය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාවට පන්දුවාර 50ක් තුළ හිමි වූ ඉලක්කය ලකුණු 210ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20