spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘ඔරායන්’ සඳට ලංවෙයි

නාසා ආයතනයේ ආර්ටිමිස් 01 පුහුණු මෙහෙයුම යටතේ සඳ බලා ගමන් ඇරඹු ‘ඔරායන්’ අභ්‍යවකාශ යානය සඳට ලංවී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන්ව වසර 50 කට පමණ පසු නාසා ආයතනය යානයක් සඳ වෙත ළඟා වූ පළමු අවස්ථාව මෙය ලෙසයි ඉතිහාස ගතවන්නේ.

ගඟනගාමීන් නොමැතිව අභ්‍යවකශ ගතකළ මෙම ඔරායන් යානයේ බොරු ගඟනගාමීන් (ඩමී) තුනක් යානයේ අසුන්වලට සම්බන්ධ කර ඇති බව සඳහන්.

එම ඩමීවලට සන්වේදක සවිකර ඇති අතර, නාසා විද්‍යාඥයන් ඔවුන්ට අවශ්‍ය දත්ත ලබාගැනීම එවන් සිදුකරනු ලබනවා.

මෙම යානය සඳ මතුපිටට ගොඩ බෑමක් සිදුනොකරන අතර, එය අඳුරු කලාපය ද පසු කර සඳ වටේ ගොස්, යළි පෘථිවිය බලා පැමිනිමටයි සැලසුම් කර ඇත්තේ.

දින 25ක සඳ මෙහෙයුම අවසන් කරමින් ඔරායන් චන්ද්‍ර යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වන්නේ දෙසැම්බර් 11 වනදායි.

මේ අතර ඔරායන් චන්ද්‍ර යානයේ කැස්පියුලයට සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකියාවද පවතින බව නාසා ආයතනය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?