“ඔබ සේවය කරන්නේ රජයට බව සැබෑය. එහෙත් රජය පත් කරන්නේ ජනතාවය.” – පොලිස්පතිට ධර්මය මතක් කළ රන්ජන්

රඹුක්කන විරෝධතාවයට පොලිසියේ අවම බලය භාවිත කිරීම ගැන බොහෝ දෙනෙකු කතා වෙමින් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කළ ප්‍රකාශයටද දැඩි සමාජ විරෝධයක් ඇතිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රන්ජන් පරණවිතාන මෙවැනි සටහනක් තබා තිබුණා.

පොලිස්පති තුමන් වෙත,

අද මගේ උපන් දිනයයි. එහෙත් අපේ රටට මීට වඩා දෙයක් විය නොහැකි තත්ත්වයක් තුළ එය කොහෙත්ම සැමරිය නොහැක.
ඔබ STF ද ඇතුළු මුළු පොලිස් සේවාවටම අණ දෙන්නාය.
ඉපදුනු දා පටන් පොලිසියේ බත් කෑ අයකු ලෙස මා මෙය ඔබට ලියන්නේ උපන් දිනයේ තබන මුල්ම සටහන ලෙසය.

පොලිස්පති ධූරයට පත් වන විට ඔබ පොලිස් සේවය තුළ කිළිටු නොවූ නිලධාරියකු ලෙස ප්‍රකටව සිටියේය.
එහෙත් අද ඔබද වැටී ඇති තැන ඊයේ මාධ්‍ය අමතා කළ ප්‍රකාශයෙන් මැනැවින් ප්‍රදර්ශනය විය.

ජනරාශියක කලබගෑනියක් පොලිසියේ අවම බලය යොදවා මැඬ පවත්වන අයුරු ඔබ ඇතුළු පොලිසියේ බොහෝ දෙනෙකු මුලින්ම ඇබෑසි විදුහලේදී ඉගෙන ගත්තේ අළුවිහාර පිටියේදී මගේ පියාගෙන් බව මා දනිමි.

අයුතු ජනරාශියක් විසිරුවීමට පෙර පිළිපැදිය යුතු කරුණු පහ ඔබට තවමත් මතකයේ ඇතැයි සිතමි. පියාගේ මග පෙන්වීම මත එම උපදෙස් ඇතුළත් පොත් පිංච ලීවේද මා විසිනි.
එහි ඇතුළත් උපදෙස් අද පොලිසියේ ක්‍රියාත්මක වන්නේ නම් ඊයේ රඹුක්කන ලේ විලක් නොවන්නට ඉඩ තිබිණ.

එම උපදෙස් මාලාවට අනුව තමන් මීළගට ගන්නා පියවර ගැන අදාල පොලිස් අනුඛණ්ඩයේ අණ දෙන්නා ජනරාශියට ශබ්ද නගා පැවසිය යුතු වුවත් අද එවැන්නක් සිදු වේද? අද එවැනි අනතුරු ඇඟවීමක් හෝ අණ දෙන්නකු හෝ නොමැත්තේ ඇයි.?

දිගින් දිගටම පැවැති ජන අරගල,විරෝධතා ඉදිරියේ පොලිසිය ඉතාමත් ඉවසීමෙන් කටයුතු කළ බවත් කිව යුතුය.

එහෙත් දැන් දැන් සීමාව ඉක්මවා කටයුතු කරන ආකාරය මිරිහානෙන් හා රඹුක්කනෙන් පෙනෙන්නට පටන් ගෙන තිබේ.

ඔබ සේවය කරන්නේ රජයට බව සැබෑය. එහෙත් රජය පත් කරන්නේ ජනතාවය.

ව්‍යවස්ථාවෙනුත් ජනතා පරමාධිපත්‍යය මැනැවින් විදහා දක්වා තිබේ.

ඔබ රජයේ සේවකයකු වුවද ජනතා පරමාධිපත්‍යයට ගරු කිරීමට ව්‍යවස්ථානුකූලව බැඳී සිටින බව අමතක නොකළ යුතුය.

ඔබ හිස මත පළඳින හිස් වැස්මේ ඇති පොලිස් නිල ලාංචනයේ අවසන් නිමයුමත් ” ධම්මො හවේ රක්ඛති ධම්මචාරි”අකුරු ටිකත් මීට හතළිස් වසරකට පෙර පින්සලෙන් ඇන්දෙත් මාය. එයට අනුව ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත. එනිසා පොලිසිය වුවත් හැසිරිය යුත්තේ ධර්මයට අනුවය.

රට ලේ විලක් වීම වැළැක්වීමට ඔබට කළ හැකි දේ බොහෝය. ඔබට ඇති බලතල හරි හැටි ක්‍රියාත්මක කිරීමට ඔබේ කොන්ද ශක්තිමත් වනු ඇතැයි ප්‍රාර්ථනා කරන්නෙමි.

අපේ මේ ගෙවෙන්නේ ජීවිතයේ අවසන් කාලයයි. එහෙත් ඔබගේ මෙන්ම අපගේද දරුවන්ට රටක් අවශ්‍යයි. එය නැති කිරීමේ පාපකර්මයට ඔබ උර නොදෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

තවත් බාලසූරිය කෙනෙකු නොවී ගෞරවාන්විත විශ්‍රාමයකට යාමට තවමත් ඔබට කල් තිබේ.

එතෙක් පොලිසියේ හා ඔබේ ගෞරවය රැක ගෙන කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
89
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49
Video thumbnail
රට හදන්න පුළුවන්, දුක හඳුනන එකම නායකයා නාමල් - දැන් ඩබල් පොකට් ඩබල් හොරකමේ යන්නේ
04:56
Video thumbnail
ආණ්ඩුව වැටෙන්නේ නෑ..රටේ සාමාන්‍ය මිනිස්සු වැටිලා ඉන්නේ..බුදු වෙනවා කියලත් කියන්න බැරි නෑ
02:03
Video thumbnail
කොළඹ නගරයම විදුලි බුබුළු, පහන් කූඩුවලින් ආලෝකමත් වෙලා - සම්බුදු තෙමඟුලට සැරසුණු කොළඹ අසිරිය
03:35
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24