spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් ණය ජාවාරම මර්දනයට නව නීති

මාර්ග ගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ සිදුකරන ණය ජාවාරම් මර්දනය කිරීමට බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

අද (12) පාර්ලිමේන්තුවේ දී ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත්, ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්නවලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබා ගැනීමට නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?