ඔන්ලයින් ගේම් එකේ පාස්වර්ඩ් එකක් නිසා තරුණයෙක් ඝාතනය කරලා

ඔන්ලයින් ක්‍රීඩාවක මුරපදය බෙදාගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයෙක් ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

බටහිර බෙංගාලයේ මුර්ෂිදාබාද් ප්‍රදේශයේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 18 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණයාගේ මිතුරන් සිව්දෙනෙක් විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි.

මොවුන් පස්දෙනා ඔන්ලයින් ගේම් ක්‍රීඩා කිරීමට හුරුව සිට ඇති අතර, පසුගිය 08 වනදා නිවසින් පිටව ගොස් ඇති ඝාතනය ලක් වූ බව කියන තරුණයා යළි නිවසට නොපැමිණීම නිසා ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

ඒ, අනුව ආරම්භ කළ විමර්ශනවල දී මෙම තරුණයාගේ පිළිස්සුනු මළ සිරුර ෆාරක්කා හි ඇල මාර්ගයක තිබී හමුව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මිතුරන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ ඔන්ලයින් ක්‍රීඩාවක මුරපදය බෙදාගැනීමට සිය මිතුරා අකමැතිවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ගැටුමක් ඇති වී මෙම ඝාතනය සිදුකළ බවයි.

පසුව මළ සිරුර පෙට්‍රල් දමා පුළුස්සා ඇති අතර, අර්ධ වශයෙන් පිළිස්සී ගිය මළ සිරුර ඇළකට දමා ඔවුන් එම ස්ථානයෙන් පිටව ගිය බවයි.

කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණයාගේ ශරීරයේ කොටා තිබූ පච්චවලින් ඔහුගේ අර්ධ වශයෙන් පිළිස්සී ගිය මළ සිරුර ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40