spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔක්ස්ෆර්ඩ් එන්නත නිපදවන ඉන්දියානු කම්හලේ ගින්නක්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ Serum ආයතනයේ කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා. කෙසේ නමුත් එන්නත නිෂ්පාදනය කිරීමේ කටයුතුවලට මින් බාධාවක් සිදු නොවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පූනේහි අක්කර 100 ක භූමිභාගයක මෙම කර්මාන්ත ශාලාව පිහිටා ඇති අතර ගින්නට හසුව තිබෙන්නේ අලුතෙන් ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලකයි. බේරා ගැනීමේ කණ්ඩායම් මගින් ගොඩනැගිල්ලේ සිරවී සිටි පුද්ගලයන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා.

මෙම ආයතනය ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනය ලෙසද සැලකේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?