ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදා ගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු – ජනපති

ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ පැවති උත්සව සභාව අමතමින්.

එදින පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනතුරුව, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා.

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීමට ද එක් වූ ජනාධිතිවරයා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ද සහභාගී වුණා.

ඉන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඓතිහාසික උරුමයන් සමඟ පවතින අඛණ්ඩතාව මත බවයි.

ලොව දියුණු යැයි සම්මත සෑම රාජ්‍යයක්ම එම දියුණුව අපේක්ෂා කරන්නේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් සහ ඒ මත පා තබාගෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස අප ද සංවර්ධන මාවත තෝරාගත යුතු වන්නේ ඓතිහාසික උරුමයන් මත පා තබා ගනිමින් බව සඳහන් කළා.

අපේ සමාජය සංස්කෘතික සමාජයක් බවට පරිවර්තනය කිරීමට බුදු දහම ඉවහල් වූ බවත්, භෞතික සම්පත් සර්වසම්පූර්ණ කර ගැනීමට වෙහෙසෙන සමාජයෙහි දියව යන සමාජ වටිනාකම් සහ ගුණාංග නැවත ඔප් නැංවීම සඳහා මෙවැනි සංස්කෘතික මංගල්‍යයන් වටිනා අවස්ථා නිර්මාණය කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

වසර 2186ක් පුරා පරම්පරා සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම රුහුණු කතරගම පෙරහර මංගල්‍යය පවත්වා තිබෙන බවත්, අඛණ්ඩව මෙම පෙරහර පැවැත්වීමට හැකි වූයේ මෙම සංස්කෘතික මංගල්‍යය සහ ජන ජීවිතය අතර තිබෙන සබඳතාව නිසා බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීමට දායක වූ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු සියලුදෙනා වෙත ස්තුතිය පුද කෙරුණා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත්, මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

  1. ඉරාන පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදීන් ගේ උගුලට හසු නොවී මෙසේ රටේ බෞද්ධකම සුරක්ෂිත කොට රට සැබෑම දියුණුව කරා ගෙනයා හැක. ජනපතිතුමනි ඔබට සහ ඔබව තෝරාගත් ජනතාව ට …. සුභ පැතුම් !!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39