එළවළු මිල පහළට

දඹුල්ල , තඹුත්තේගම සහ කැප්පෙටිපොළ  යන ආර්ථීක මධ්‍යස්ථානයන්හි එළවළු මිලෙහි අද විශාල ලෙස පහළ ගොස් තිබුණා.

එළවළු ඉල්ලුම අඩුවීම මෙන්ම කාලගුණික තත්ත්වය යහපත් අතට හැරීමෙන් අස්වනු හානිය අවම වීම මීට ප්‍රධාන හේතුවක් වනවා

පසුගිය මාස කිහිපයක් පුරා මෙරට එළවළු මිල ගණන් පැවතියේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි තරම් ඉහළ මට්ටමකයි.

කෙසේ වෙතත් අද වන විට මෙරට ප්‍රධාන අර්ථික මධ්‍යස්ථාන සියල්ලෙහිම පාහේ එළවළු මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබෙනවා.

දඹුල්ල සහ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන සැලකීමේදී කලකට පෙර කිලෝ ග්‍රෑමයක් රුපියල් 3000ට පමණ අලෙවි වූ කැරට් මිල රුපියල් 300ක් දක්වා පහත වැටී තිබුණා.

බෝංචි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 500ක් දක්වාත් ලීක්ස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200ක් දක්වාත් පහත වැටී තිබෙනවා.

රුපියල් 2000ක් පමණ මිලකට අලෙවි වූ අමුමිරිස් කිලෝ ග්‍රෑමයක් අද අලෙවි වූයේ  රුපියල් 400ත් 500ත් අතර මිලකටයි.

පහතරට ර‌ට එළවළු තොග විශාල වශයෙන් ලැබෙන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ද කැපී පෙනන ලෙස පහළ ගොස් තිබුණා.

බොහෝ එළවළු වර්ගවල මිල පැවතියේ රුපියල් 100ත් 150ත් අතර අගයකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08