එහෙට මෙහෙට පනින පුද්ගලයින්ට සිදුවන දේ ගැන මෛත්‍රීගෙන් සැර කතාවක්

පක්ෂ මාරුකරමින් එහාට මෙහාට පනින පුද්ගලයින්ට සිදුවන දේ මැතිවරණයක දී තේරුම් ගැනීමට හැකිවනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමඟි ජන බලවේගයට සහාය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොළොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පිල් මාරුකරන පුද්ගලයින්ට ජනතාව විසින් තීන්දුව ලබාදෙනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වීම ද සිදු වුණා.

අද (01) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූ ශාන් විජයලාල් ද සිල්වා, සමගි ජන බලවේගය හා එක්ව ඇති අතර එහිදී ඔහුට සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක තනතුර ද ලබාදෙනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා පසුගියවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14