එස්. ජයශංකර් සහ හිටපු ජනාධිපති රනිල් අතර හමුවක් (ඡායාරූප)

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ජාවක නිරත වී ඇති බව වාර්තා වනවා.

සිය ධූරකාලය තුළදී ඉන්දියාව සමග පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර තිබුණා.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

මෙම හමුව කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදී පැවැත් වූ බවයි වාර්තා වන්නේ.

IMG 1379 2 scaled
IMG 1375 2 scaled