එස්.එම්ගේ බඩ ඉරිඟු බීජ නඩුව කැඳවීමට දිනදෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනට එරෙහි නඩුව අගෝස්තු 28 යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා අද (12) නියෝග කළා.

සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අවසන් කර අගෝස්තු 28 වන දින අධිකරණයට වර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි අල්ලස් කොමිසමට නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙලෙස නියෝග කළා.

2014 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබාදීම සඳහා රජයේ රු. මිලියන 25 ක වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබාගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් මඟින් බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනවා මත සැකකරාර හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන පසුගිය ජුලි 04 වනදා අල්ලස් කොමිසම විසික් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.

නඩුව අගෝස්තු 28 යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04