එලොන් මස්ක් ‘එක්ස්’ විකුණා දමයි

එලොන් මස්ක් හිමිකාරිත්වය දරණ ‘එක්ස්’ සමාජ ජාල වේදිකාව විකුණා දමා ඇති බව වාර්තා වනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 33 කට මෙම ගනුදෙනුව සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

‘එක්ස්’ සමාජ ජාල වේදිකාව මෙලෙස මිල දී ගෙන ඇත්තේ එලොන් මස්ක්ගේම, කෘතිම බුද්ධි සමාගම වන xAI සමාගම විසින් වීම විශේෂත්වයක්.

මස්ක් මෙම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් පැවසුවේ දත්ත, ආකෘති, ගණනය කිරීම, බෙදාහැරීම සහ කුසලතා ඒකාබද්ධ කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම මෙය අපට ලෝකය පිළිබිඹු කරනවා පමණක් නොව මානව ප්‍රගතිය ක්‍රියාකාරීව වේගවත් කරන වේදිකාවක් ගොඩනැගීමට ඉඩ සලසන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2022 වසරේ අගභාගයේ දී මස්ක් ඩොලර් බිලියන 44 ක මුදලක් වියදම් කරමින් ට්විටර් මිලදී ගත් අතර, පසුව එම සමාජ ජාල වේදිකාව ‘එක්ස්’ ලෙස නම වෙනස් කිරීමට ඔහු කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38