එල් නිනෝ තත්ත්වයට මුහුණදීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කෙරේ

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ජල, විදුලි සහ ආහාර අර්බුද කළමනාකරණය කිරීම පිණිස කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ වාර්ෂික සැලසුම සකස් කිරීම, සියලුම රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සහ මහජනතාව දැනුම්වත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුවේ සභාපතිත්වය පරිසර අමාත්‍ය දම්මික පටබැඳි විසින් දරණු ලබනවා.
ඊට අමතරව,

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය; සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත්තා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ
මෙම අනුකමිටුවට පත් කර ඇති සාමාජිකයින්.

මේ අතර මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට සහායවීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි – (සභාපති)
ලේකම්, පරිසර අමාත්‍යාංශය
ලේකම්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
ලේකම්, බලශක්ති අමාත්‍යාංශය
ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
ලේකම්, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්
අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ ජනරාල්, ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය
අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
අධ්‍යක්ෂ, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
සාමාන්‍යාධිකාරි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
සාමාන්‍යාධිකාරි / ප්‍රධාන විධායක නිලධාරි, ඉලෙක්ට්‍රි සිටි ජෙනරේෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09