spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එන්නත් කාඩ්පත නැතිව වෛද්‍ය අනිල් ජාසිංහ කටුනායක ගුවන් තොටුපළේ සිර වෙයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා , විදේශගත වීම සදහා 10/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා, ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට හේතු වී තිබේ.

ඔහු මෙම සමුළුවට සහභාගී වීම සදහා 10/03 දින රාත්‍රී 08.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
ඩුබායි ඔස්සේ දකුණු කොරියාව වෙත පිටත්වීම සදහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන්යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අනිල් ජාසිංහ මහතා එන්නත් ලබා ගත් බවට සනාථ කෙරෙන කාඩ්පත ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට, තම නිවස තුළ සොයා බැලුවද , එය සොයා ගැනීමට නොහැකිව අස්ථානගත වී ඇති බව පැවසීය.

එනිසා මෙම කාඩ්පතේ ජායා පිටපතක් , ජාතික රෝහලේ සිට තම වට්ස් ඇප් ගිණුම වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී .

මෙම එන්නත් කාඩ්පත නොමැතිව කිසිදු රටක ගුවන් තොටුපළකින් එම රට තුළට ඇතුළු කර ගැනීම අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ.

– ටී.කේ.ජී. කපිල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?