දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා , විදේශගත වීම සදහා 10/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා, ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට හේතු වී තිබේ.
ඔහු මෙම සමුළුවට සහභාගී වීම සදහා 10/03 දින රාත්‍රී 08.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
ඩුබායි ඔස්සේ දකුණු කොරියාව වෙත පිටත්වීම සදහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන්යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
අනිල් ජාසිංහ මහතා එන්නත් ලබා ගත් බවට සනාථ කෙරෙන කාඩ්පත ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට, තම නිවස තුළ සොයා බැලුවද , එය සොයා ගැනීමට නොහැකිව අස්ථානගත වී ඇති බව පැවසීය.
එනිසා මෙම කාඩ්පතේ ජායා පිටපතක් , ජාතික රෝහලේ සිට තම වට්ස් ඇප් ගිණුම වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී .
මෙම එන්නත් කාඩ්පත නොමැතිව කිසිදු රටක ගුවන් තොටුපළකින් එම රට තුළට ඇතුළු කර ගැනීම අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ.
– ටී.කේ.ජී. කපිල














එන්නත් ඒ ඒ රටවලට අනිවාර්ය අංගයක් බව අපි දනිමු. නමුදු මෙම ප්‍රවෘත්ති එන්නත ප්‍රවර්ධනය වන අන්දමින් gossiplanka news page එක විසින් සකසා මිනිසුන් බිය වැද්දවීමට දරණ අදීන උත්සහය පිලිකුලෙන් යුතව හෙලා දකිමු. ඒ රටවලට එන්නත ලොකු උනාට අපේ රටේ අපේ වෙදකමක් තියෙන බවත් ඒ වෙදකමෙන් අනන්ත අප්‍රමාන රෝගීන් ප්‍රමාණයක් සුව කරල පෙන්නපු බවත් ඇස් පනාපිට ඔප්පුවි ඇති බව ආණ්ඩුවට ගැතිකම් කරන gossip lanka admin මණ්ඩලයට කනගාටුවෙන් වුවත් මතක් කරමි.
එන්නතෙන් කරන්නේ සුවකිරීමක් නෙවෙය්. වැලැක්වීමක් හෝ වැලදුනහොත් සන්කූලතා අවම කර මරන අවම කිරීමක් පමනය්.
සිංහල හෝ ඉන්ග්‍රීසි වෙදකම් මොකුත් නොකලද 80%ක් පමන රෝගීන් නිකම්ම සුවවෙනවා. ඉතිරි 20% තමයි සන්කූලතා සමග රෝහල් ගත කරන්නේ.
මම තවම මෙ මගුල ගත්තේනැ උදේ ඉදන් රෑවෙනකන් ඉන්නේ කොරෝනාකාරයො එක්ක.
මැරෙන්ට වෙලාව තියේනමි මැරෙයි.
ඒත් ලෙඩක් ඇගට බලෙන් දගන්නැ.
ප්‍රථිශක්තිය අමිමා දිපු කිරිවල තියනවා.
නියමයි ජය වේවා! හිත හයිය කෙලින් කතා කරන මනුස්සයෙක්. අදුරගැනීමත් සතුටක්
One of the best Doct. for last 2 years talking about vaccination card he just forgot to carry with him, no fool can believe it.