spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එජාපය 77 වන සංවත්සරය සමරයි

මෙරට පැරණිතම දේශපාලන පක්ෂයවන එක්සත් ජාතික පක්ෂය අද සිය 77 වන සංවත්සරය සමරණු ලැබුවා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ දීයි.

ඉතා චාම් ආකාරයෙන් පැවත් වූ මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂය ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ පාක්ෂිකයන් රැසක් එක්ව සිටියා.

පළමුව ආගමික වතාවත්වලින් අනතුරුව පක්ෂයේ දිවංගත නායකයින්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම සිදුකෙරුණු අතර, අනතුරුව නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කේක් කපා සංවත්සරය සමරණු ලැබුවා.

ඉන් අනතුරුව රැස්ව සිටි පාක්ෂිකයින් අමතා පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අදහස් දැක්වීම සිදු කළා.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන හා පර්යේෂණ අංශයේ සභාපති හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු විසින්.

ඉන් පසුව සුහද කතා බහකින් පසු සංවත්සර උත්සවගේ වැඩකටයුතු අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?