එජාපය 77 වන සංවත්සරය සමරයි

මෙරට පැරණිතම දේශපාලන පක්ෂයවන එක්සත් ජාතික පක්ෂය අද සිය 77 වන සංවත්සරය සමරණු ලැබුවා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ දීයි.

ඉතා චාම් ආකාරයෙන් පැවත් වූ මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂය ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ පාක්ෂිකයන් රැසක් එක්ව සිටියා.

පළමුව ආගමික වතාවත්වලින් අනතුරුව පක්ෂයේ දිවංගත නායකයින්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම සිදුකෙරුණු අතර, අනතුරුව නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කේක් කපා සංවත්සරය සමරණු ලැබුවා.

ඉන් අනතුරුව රැස්ව සිටි පාක්ෂිකයින් අමතා පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අදහස් දැක්වීම සිදු කළා.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන හා පර්යේෂණ අංශයේ සභාපති හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු විසින්.

ඉන් පසුව සුහද කතා බහකින් පසු සංවත්සර උත්සවගේ වැඩකටයුතු අවසන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42