එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ දී නඩු මඟට

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර පැවසීය.

මෙම හිමිකම් පෑමේ ඉල්ලීම 2023 අප්‍රේල් 25 වන දින ගොනු කර තිබෙනවා

මේ පිළිබඳ නඩු සම්මන්ත්‍රණ විභාගය මැයි 15 වනදා සිංගප්පූරු මහාධිකරණය හමුවේ කැඳවන ලද අතර, එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් ජුනි 01 වනදා පැවැත්වීමට නියමිතයි.

සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට සලකා බලමින් සිටී.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සදහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇත. 2021 මැයි 20 වන දින සිංගප්පූරු ධජය සහිත මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිනිගෙන ගිලී ගියේය. අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනර් 81 ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, ඉන්ධන ටොන් 348 ක් සහ නර්ඩ්ල්ස් ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් කැට බිලියන 75 ක් සහිත කන්ටේනර් 1,488 ක් එම නෞකා‍වේ රැගෙන යමින් තිබිණ.

එතැන් සිට මෙම ව්‍යසනය ශ්‍රී ලංකාවේ සංවේදී වෙරළබඩ පරිසරයට, ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර සාගර ජීවීන් විශේෂ විශාල ප්‍රමාණයක විනාශයට හේතු විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38