එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සියලු වාර්තා කැඳවන්න – අධිකරණයෙන් නියෝගයක්

මෑතකදී කොළඹ වරාය ආශ්‍රිත මුහුදු තිරයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශ වීමේ සිද්ධිය හේතුවෙන් සමුද්‍රයට සිදු වූ හානිය මෙන්ම වෙරළ තිරයට හා පරිසර පද්ධතියට සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර තිබෙන සියලුම පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේ දී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.