එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා

එම පෙත්සම් අද (10) මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බව චෝදනා කළා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මීට අදාළව අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

තම සේවාදායකයින් ධීවර අමාත්‍යංශයේ සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය සමග රැස්වීම් වලට සහභාගි වුවත් මෙතෙක් වන්දි ලැබී නොමැති බවත් ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයාට පෙන්වා දුන්නේ පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදු විය යුතු බවයි.

ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන්දි ලබාගැනීමට අදාළ ඉල්ලීම් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසත් අගතියට පත් ධීවරයින්ගේ නීතිඥවරුන්ට නියම කළා.

එමෙන්ම වන්දි ගෙවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාලව ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 05 සහ 06 යන දින වල කැඳවීමට නියම කෙරුණා.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු ධීවර ප්‍රජාව, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් විශාල පාරිසරික විනාශයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි.

එමෙන්ම මෙම සිද්ධිය හේතුවෙන් විශාල ධීවර ප්‍රජාවක් සිය ජීවනෝපාය අහිමිව අගතියට පත්වූ බවත් ඔවුන්ට සුදුසු වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51