එක්ස්ප්‍රස් පර්ල් අභියාචනා පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

මෑතකදී කොළඹ වරාය මුහුදු සීමාවේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා සහ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අපරාධ නඩුවක විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඊයේ (07) ඉවත් වුණා.

මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූවා

එස්.තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවීම සිදු වුණා.

එම අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

ඒ, අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

එහෙත් එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙසත් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51