එක්සත් රාජධානියේ ඈන් කුමරි‍ය හෙට ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානියේ ඈන් කුමරිය, හෙට (10) ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

කුමරිය සමඟ ඇයගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතා ද පැමිණෙන බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

ඔවුන් ලබන 13 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය හා සම්බන්ධ උත්සව සඳහා සහභාගී වීමටයි ශ්‍රී ලංකා රජය ඈන් කුමරියට ආරාධනා කර ඇත්තේ.

1995 වසරේ දී ඈන් කුමරිය මෙරටට පැමිණ ඇති අතර ඇයගේ මෙම ශ්‍රී ලංකා සංචාරය 2024 වසරේදී බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය ද වනවා.

ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය ද වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15