එක්සත් ජනපද තීරු බදුවලට ඉන්දියාව ප්‍රතිචාර දක්වයි

ඉන්දියාව විසින් රුසියාවෙන් සිදුකරන තෙල් සහ ආයුධ මිලදී ගැනීම්වලට විරෝධය පළකිරීමක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට අමතර 25%ක තීරු බද්දක් පනවනු ලැබුවා.

එක්සත් ජනපද විසින් එලෙස පනවනු ලැබූ අමතර 25%ක තීරු බද්ධ සම්බන්ධයෙන් ඉන්දියාව මේ වනවිට සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, නව තීරු පැනවීම සම්පූර්ණයෙන් අසාධාරණ සහ කිසිදු පදනමක් නොමැති බවයි.

රුසියාවෙන් සිදුකෙරෙන තෙල් ආනයනය සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර ඇති බවයි ඉන්දියාව වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර මෙම නව තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ඉන්දීය කර්මාන්තකරුවෙකුවන හර්ෂ් ගොඑන්කා පවසන්නේ ඉන්දියාව කිසිවෙකුටවත් හිස නොනමන බවත්, ඉන්දියාව වඩා හොඳ විකල්ප සොයාගෙන ස්වයං විශ්වාසයක් ගොඩනඟා ගන්නා බවයි.

“ඔබට අපගේ අපනයනවලට තීරු බදු අය කළ හැකිය, නමුත් අපගේ ස්වෛරීභාවයට නොවේ. ඔබේ තීරුබදු වැඩි කරන්න, අපි අපගේ අධිෂ්ඨානය ඉහළ නංවන්වා. වඩා හොඳ විකල්ප සොයා ගනිමු, සහ ස්වයං විශ්වාසය ගොඩනඟන්නෙමු. ඉන්දියාව කිසිවෙකුට හිස නමන්නේ නැහැ.” යනුවෙන් ආර්පීජී එන්ටර්ප්‍රයිසස් හි සභාපති හර්ෂ් ගොඑන්කා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18