එක්සත් ජනපද ගුවන් ගමන් කප්පාදුවත් සමඟ ගුවන් ගමන් 1,400ක් අවලංගුයි

ෆෙඩරල් රජයේ වසා දැමීමේ දී ගමනාගමනය අඩු කරන ලෙස ගුවන් සමාගම්වලට මෙම සතියේ දැනුම් දීමෙන් පසු සෙනසුරාදා එක්සත් ජනපදයේ, ඉන් පිටතට හෝ අභ්‍යන්තර ගුවන් ගමන් 1,400 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

ගුවන් ගමන් ට්‍රැකර් ෆ්ලයිට්අවෙයාර්ට අනුව, සිකුරාදා දිනයේ ගුවන් ගමන් 7,000කට වඩා ප්‍රමාදයක් සිදුව තිබුණා.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සතිය මුලදී නිවේදනය කළේ රටේ කාර්යබහුලම ගුවන් තොටුපළවල් 40 ක ගුවන් ගමන් ධාරිතාව 10% දක්වා අඩු කරන බවයි.

මෙම වසා දැමීම හේතුවෙන් ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ හිඟයක් ඇති වූ අතර, සති ගණනාවක් පුරා ඔවුන්ට සිය වැටුප් පවා නොලැබී ඇති බවද සඳහන්.

මෙම තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපදයයේ ගුවන් මගීන් දැඩි දුශ්කරතාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ මූල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම හේතුවෙන්, රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකි වී ඇති අතර, එදිනෙදා වැඩ කටයුතුද මේ වන විට ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂය තවමත් රජය නැවත විවෘත කිරීම සඳහා අරමුදල් යෝජනාවක් සඳහා එකඟ වී නොමැති බැවින්, ඉතිහාසයේ දීර්ඝතම වසා දැමීමේ 39 වන දිනය සෙනසුරාදා සනිටුහන් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59