එක්සත් ජනපදයට දරුණු හිම පතනයක් – මිලියන 63ක ජනතාව පීඩාවට

එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටුව හේතුවෙන් මිලියන 63ක ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්ත්වයත් සමඟ ප්‍රාන්ත දෙකක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

හිම කුණාටුවත් සමඟ ඇතිවන හිම පතනය දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය බවයි එක්සත් ජනපද කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ.

කැන්සාස්, බටහිර නෙබ්‍රස්කා සහ ඉන්දියානා ප්‍රදේශයන්හි ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ හිම සහ අයිස්වලින් වැසී ගොස් ඇති අතර, හිම කුණාටුව ඔහියෝ නිම්නය වෙත ගමන් කරනු ඇතැයි පුරෝකථනය කරනවා.

මේ අතර එරට බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ මාර්ගවල වාහන ධාවනයෙන් හැකිතාක් ඉවත් වී සිටින ලෙසයි.

පවතින අධික හිම පතනය හේතුවෙන් ඉරිදා වන විට වර්ජිනියා, ඉන්දියානා, කැන්සාස් සහ කෙන්ටකි යන ප්‍රදේශවල සිය ගනනක් රිය අනතුරු වාර්තා වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම තත්ත්වයත් සමඟ ගුවන් හා දුම්රිය ගමනාගමනය ද අඩාල වී ඇති බව වාර්තා වනවා.

හිම කුණාටු හේතුවෙන් දුම්රිය මාර්ගවලට ද විනාශයක් ඇති වූ අතර එය දුම්රිය අවලංගු කිරීම් රැසකට තුඩු දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05