එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන මානුෂීය ආධාර තොගයත් දිවයිනට

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බෝතල් කළ ජලය, කූඩාරම්, බ්ලැන්කට්, මෙට්ට, ඉවුම් පිහුම් උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C – 17 වර්ගයේ දෙවැනි ගුවන් යානයත් අද (02) පස්වරුවේ මෙරට ළඟා වුණා.

මෙම පරිත්‍යාගයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහන කණ්ඩායමේ ප්‍රධානී හමූද් අල් අෆාරි විසින් නිල වශයෙන් භාර දෙන ලද අතර එය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන අමාත්‍යවරුන් සහභාගි වී සිටියා.

පළමු මානුෂීය ආධාර තොගය අද අළුයම මෙරටට පැමිණි අතර මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පරිත්‍යාග කරන ලද දෙවන මානුෂීය ආධාර තොගයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
59වෙනි උපන්දිනය සරලව සැමරු ටී.බී සරත්
03:06
Video thumbnail
බන්ධනාගාර සිද්ධිවල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
08:48
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42