spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44කට සමාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් එරට බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට සමාව ලබාදී තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 02 වන දිනටයි.

රාජකීය සමාව ලැබූ මෙම ශ්‍රී ලාංකිකයන් 44 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතයි.

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මෙම ශ්‍රී ලාංකිකයින්ට සමාව දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සහ එහි විදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වෙත සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?