එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44කට සමාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් එරට බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට සමාව ලබාදී තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 02 වන දිනටයි.

රාජකීය සමාව ලැබූ මෙම ශ්‍රී ලාංකිකයන් 44 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතයි.

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මෙම ශ්‍රී ලාංකිකයින්ට සමාව දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සහ එහි විදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වෙත සිය කෘතඥතාව පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47