එක්දින පන්දුයවන්නන්ගේ මුල් ස්ථාන 10 අතරට ආ වනිඳු

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජ්‍යාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී දැක්වූ දක්ෂතා මත පදනම්ව ශ්‍රේණිගත කිරීම් හි ඔහු රැඳී සිටි 10 වන ස්ථානයේ සිට 09 වැනි ස්ථානය දක්වා මෙලෙස ඉදිරියට පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

එමෙන්ම මේ වන විට ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානයේ රැඳී සිටින වනිඳු, විස්සයි විස්ස මෙන්ම එක්දින ශ්‍රේණිගත කිරිමවල ද මුල් ස්ථාන 10 තුළ රැඳී සිටින එකම ශ්‍රී ලාංකික පන්දු යවන්න බවට පත් වීම විශේෂත්වයක්.