එක්දින තරඟාවලියේ ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 05කින් ජය ගනිමින්.

කොදෙව් දේශයේ ඇන්ටිගුවාහීදී පැවති මෙම තරඟයේදී කොදෙව් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 08ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 273ක්.

එහිදී ශතකය පෙනෙන මානයේ සිටියදී අවාසනාවන්ත ලෙස ගුණතිලක ලකුණු 96කට දැවී ගිය අතර ජ්‍යෙෂ්ඨත්වයේ ඉනිමක් ක්‍රියාත්මක කළ දිනේෂ් චන්දිමාල් සිය 29 වන එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 71ක් ලබාගත්තා.

මන්දගාමීව පැවැති ශ්‍රී ලංකා ඉනිමට අවසන් පන්දුවාර කිහිපය තුල යම් ජීවයක් ලබාදෙන්නට වනිඳු හසරංග සමත් වුණේ පන්දු 31ක් තුල දැවැන්ත හයේ පහර 04ක් සමඟින් ලකුණු 47ක් රැස්කරමින්.

ඒ අනුව ලකුණු 273කට ශ්‍රී ලංකා ඉනිම නිමා වූ අතර ලකුණු 274ක ඉලක්කයක් හඹා යාමට කොදෙව් පිතිකරුවන් පිටියට පිවිසියා.

ඔවුන්ගේ ආරම්භක කඩුල්ලට ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නඟන්නට එවින් ලුවිස් සහ ෂායි හෝප්ස් සමත් වූ අතර කොදෙව් ලකුණු පුවරුව ලකුණු 192ක්ව තිබියදී ෂායි හෝප්ස් ලකුණු 84කට දැවී ගියා.

එවින් ලුවිස් ලකුණු 103ක් රැස්කරමින් කොදෙව්වන්ගේ ජයග්‍රහණයට පාර කැපූ අතර නිකලස් පූරන් නොදැවී ලකුණු 35ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

පන්දුවාර 49යි පන්දු 04කදී කොදෙව්වන් අදාල ඉලක්කය පසුකර ගිය අතර ලකුණු 274ක ජයග්‍රාහී ඉලක්කය කරා යාමේදී කොදෙව් කඩුලු 05ක් බිඳ වැටුණු අතර එම කඩුලු දවාගන්නට තිසර පෙරේරා, නුවන් ප්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් සමත් වුණා.

පන්දු 121කට මුහුණ දෙමින් ලකුණු 103ක් රැස් කළ එවින් ලුවිස් තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09