එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පවතින එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර ඊඩ්න්ගාඩ්න්හිදී අද පැවති දෙවන එක්දින තරගයත් කඩුලු 4කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටමයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 215ක් ලබාගත්තා.

අද එක්දින වරම් හිමි කරගත් නුවනිඳු ප්‍රනාන්දු සිය කුළුඳුල් අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 62කින්. හතරේ පහර 6ක් ද එම ලකුණු 50ට ඇතුලත් වුණා. කෙසේවෙතත් ඔහු ඊළග පන්දුවේදී දුවද්දී දැවී යාමකට හසුවීමෙන් පිටියෙන් ඉවත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20යි. කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් ලබාගත්තා.

ධනංජය ද සිල්වා කිසිදු ලකුණක් නොලබා දැවී ගියේ ඇක්සාර් පටෙල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන්.

නායක දසුන් ශානක ලකුණු 2කට දැවී ගියා. වනිඳු හසරංග ලකුණු 21ක් සහ චාමික කරුණාරත්න ලකුණු 17ක් ලබාගත්තා. චරිත් අසලංක ලකුණු 15යි.

කුල්දීප් යාදෙව් සහ මොහොමඩ් සිරාජ් කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

මේ අනුව තරගය ජය ගැනීමට ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 216ක්.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 64යි. විරාත් කෝලි ලකුණු 4කට දැවී ගියා. හර්දික් පාන්ඩ්යා ලකුණු 36ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් බිඳහෙළුවා.

ලොව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹිය හැකි ක්‍රීඩාංගණ අතර ඉදිරියෙන්ම තිබෙන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සිදු කරමිනුයි අවතීර්ණව සිටියේ.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පිට කොන්දේ ආබාධයටක ගොදුරුවී සිටීමත්, ඩිල්ෂාන් මදුශංක පළමු තරගය අතරතුරදී උරහිසේ ආබාධයකට ලක්වීමත් නිසා අද තරගයට ක්‍රීඩා කළේ නැහැ.

පැතුම් අද තරගයට ක්‍රීඩා නොකිරීම හේතුවෙනුයි ඔහු වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු කණ්ඩායමට එක් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගන්නා ලද 207 වැනි ක්‍රීඩකයා ලෙසින් නුවනිදු අද තරගයේදී එක්දින වරම් ලබා ගනිමින් එය සංකේතවත් කිරීම වෙනුවෙන් වන කැප් තොප්පිය, නායක දසුන් ශානක විසින් පිරිනමනු ලැබුවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන ඉරිදා තිරුවානන්තපුරම්හිදී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14