එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, දෙවන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි.

තුන්වන සහ සිව්වන ස්ථානවල පිළිවෙලින් පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව පසුවන අතර පස්වන ස්ථානයේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමයි.

1