එකම බිල්ඩිමේ සුඛෝපභෝගී ගණිකා නිවාස 3ක්! මිරිහානේ සුපිරි ජාවාරම ගැන තතු එළියට

මිරිහාන පොලිස් වසමට අයත් පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුඛෝපභෝගී ගණිකා මධ්‍යස්ථානයක් වැටළීමට සමත් වූ බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසනවා.

කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ මෙම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ සම්බාහන ආයතනයක මුවාවෙන්.

නිරෝදායන නීති ද කඩකරමින් පවත්වාගෙන ගොස් ඇති මෙම මධ්‍යස්ථානය වැටලීමේ දී එහි ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

එමෙන්ම ගණිකා මධ්‍යස්ථානයේ පාලන කටයුතු සිදුකරගෙන ගිය කාන්තා කළමනාකාරවරියන් සහ පිරිමි කළමනාකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම සුඛෝපභෝගී නිවසෙහි මහල් තුනම ගණිකා කටයුතු සඳහා යොදාගෙන ඇති බව යි මූලික විමර්ශනවල දී හෙළි වී තිබෙන්නේ.

ඒ එක් මහලකට එක් ගණිකා මධ්‍යස්ථානයක් වශයෙන්.

එක් මහලකට එක් කළමනාකරුවෙකු ලෙස පත් කරමින් එම සේවා පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම ගණිකාවන් අළෙවි කොට ඇත්තේ ජංගම දුරකතන ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ යි.

එම ක්‍රම හරහා ගණිකාවන් ඇනහුම් කරන පුද්ගලයින් අදාළ ස්ථානයට පැමිණ සිය සේවා ලබාගෙන ඇති බව සඳහන්.

මේවන විට අනාවරණය වී ඇති ආකාරයට රුපියල් 6000 සිට 20000 දක්වා මිල ගණන්වලට මෙම ස්ථානයේ කාන්තාවන් අලෙවි වී ඇති බව පැවසෙනවා.

ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් ගාල්ල, වෙන්නප්පුව, දඹුල්ල, සීදුව, බණ්ඩාරවෙල, මැදවච්චිය, බිබිල, වේයන්ගොඩ, කෑගල්ල, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප‍්‍රදේශවල පදිංචිකාරියන් බව ද අනාවරණය වී තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 18ත් 46ත් අතර වන බව පොලීසිය ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම කාන්තාවන්ගෙන් ඇතැමුන් සංචරණ සීමා පැවැති කාලයේ දී මෙම මධ්‍යස්ථානයට සේවයට පැමිණ ඇති බව හෙළි වී තිබෙන බව වාර්තා වූවා.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21