එකතු කළ ගෑස් සිලින්ඩර් ගැන ලිට්‍රෝ සමාගම කියන දේ

ගෑස් සංයුතිය පිළිබඳ ගැටලුවක් හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම් දීම මත වෙළෙඳපොළෙන් එකතු කරන ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් ඉවත් කිරීම සඳහා මාස දහයකට වැඩි කාලයක් ගත වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

වෙළෙඳපොළෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ දෙක හමාරක් එකතු කර ගන්නා බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කර සිටින්නේ.

මෙසේ එකතු කර ගන්නා ගෑස්වලින් සිලින්ඩරවලින් එක් දිනකදී ඉවත් කළ හැක්කේ සිලින්ඩර සියයක අඩංගු ගෑස් ප්‍රමාණයක් බවද සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත. මෙම තත්ත්වය මත ඉදිරියේදී වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට අවශ්‍ය සිලින්ඩර හිඟවීමටද ඉඩ ඇතිවේ යැයි සමාගම අනුමාන කරයි.

එම නිසා එකතු කර ගන්නා සිලින්ඩරවලට කුමක් සිදු කරන්නේ දැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් නිල වශයෙන් කිසිවක් දැනුම් දී නොමැති බව ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ. පසුගිය දිනවල ගෑස් පිපිරීම් 450කට වැඩි සංඛ්‍යාවක් සිදුවූ පසු වෙළෙඳපොළට නිකුත් කර ඇති සිලින්ඩර එකතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්රෝ සමාගමට උපදෙස් ලබා දෙන ලදී.

මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක කියා සිටියේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා, ගෑස් සමාගම් සමග සාකච්ඡා කර එකතු කරන සිලින්ඩරවලට කළ යුතු දේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18