එංගලන්ත සංචාරයට එක්වීමට ක්‍රීඩකයින් එකඟවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එලඹෙන එංගලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගීවීමට එකඟතා ගිවිසුමකට අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබේ.

වාර්ෂික කොන්ත්‍රාත් පිළිබඳ ගැටලුව එම සංචාරයෙන් පසුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟවී ඇතැයි වාර්තා වේ.

එම එකඟතාවය දී ඇත්තේ අද (07) කොළඹ හෝටලයකදී පැවැති සාකච්ඡාවකදීය.