එංගලන්ත ලයන්ස් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 175ක් ඉදිරියෙන් – චමරි ආයෙත් බිග්බෑෂ් යයි

ශ්‍රී ලංකා – එංගලන්ත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන; පුහුණු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

මේ අතර ඔස්ට්‍රෙලියා කාන්තා බිග්බෑෂ් තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් සමග යළිත් ගිවිසුම්ගත වී තිබෙනවා.

එංගලන්තයේ වෝර්කෙස්ටර් හි දී පැවැත්වෙන මෙම තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 324ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය දෙවැනි ඉනිම අරඹා ඇති අතර; ඔවුන් පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 139ක් පමණයි.

Hamza Shaikh (හම්සා ශීක්) එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමට ලකුණු 91ක් ලබාගත් අතර; Kasey Aldridge ලකුණු 78ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 102කට කඩුලු 05ක් ද, කසුන් රාජිත කඩුලු 02ක් සහ ළහිරු කුමාර හා මිලාන් රත්නායක අතරේ එක් කඩුල්ල බැගින් ද බිඳී ගියා.

හෙට තරගයේ සිව්වැනි දිනය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත ලයන්ස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 175ක් පසුපසින් සිටිනවා.

මේ අතර ඔස්ට්‍රෙලියානු කාන්තා බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගිවිසුම්ගත වී තිබෙනවා.

සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ සිටින සිව්වැනි ජාත්‍යන්තර ක්‍රීඩිකාව වන්නේ ද චමරි අතපත්තුයි.

ඇය පසුගිය වසරේ පැවති බිග්බෑෂ් තරගාවලියේ දී තන්ඩර්ස් වෙනුවෙන් ක්‍රීඩා කර ලකුණු 552ක් සහ කඩුලු 09ක් බිඳ හෙලීමට සමත් වුණා.

චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස්වරුන් සමග එක් වූයේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙසින් වුව ද; පසුව ඇය එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මානයට පාත්‍ර වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39