spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්ත පළමු ඉනිම 344කට සීමාවෙයි

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අදයි.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල සියල්ලන් දැවී ලකුණු 344ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා පළමු ඉනිමට ලබාගත් ලකුණු 381කට පිළිතුරු වශයෙන්.

පන්දු යැවීමේදී එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 07ක් දවා ගන්නට ලසිත් ඇඹුල්දෙනිය සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් නායක ජෝ රූට් 186ක් රැස්කළා.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු පන්දු රැකීමට යෙදවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

එම කවුන්සිලය මේ බව කියා සිටියේ, ට්විටර් සටහනක් තබමින්.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකිමින් සිටින අතරතුර තලගොයෙකු පැමිණි දර්ශන විකාශය කිරීමට කටයුතු කළා.

මේ වනවිට අදාළ ට්විටර් සටහන සම්බන්ධයෙන් සටහන සම්බන්ධයෙන් ක්‍රිකට් රසිකයින් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.

687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132324e6174617368612d31392e6a7067
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?