spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්ත ආරම්භක පිතිකරුවා සිම්බාබ්වේ කණ්ඩායමට එක්වීමේ තීරණයක්

එංගලන්ත ආරම්භක පිතිකරු ගැරී බැලන්ස් සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අනුව ගැරී වසර දෙකක කාලයක් සඳහා වන ගිවිසුමකට එකඟ වී ඇති බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ගැරී බැලන්ස් උපත ලබා ඇත්තේ සිම්බාබ්වේ හරාරේ හිදී බවයි වාර්තා වන්නේ.

ගැරීගේ මෙම ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිම්බාබ්වේ ක්‍රිකට් අධ්‍යක්ෂ හැමිල්ටන් මැසකට්සා පැවසුවේ
පැවසුවේ “ඉතාම දක්ෂ හා පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ගැරී, ඔහු සියල්ල ආරම්භ කළ නිවසට පැමිණීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙනි.

සිම්බාබ්වේ නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම ගැන තමන් සතුටට පත්වන බවයි ගැරී බැලන්ස් පවසා ඇත්තේ.

එංගලන්තය වෙනුවෙන් ගැරී බැලන්ස් ජාත්‍යන්තර ටෙස්ට් තරග 23ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?