spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තයේ දී ශ්‍රී ලාංකික අයේෂාට ප්‍රබලම තනතුරක්

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක් හිමිව තිබෙනවා. මෙලෙස විනිසුරු පදවියක් හිමිව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන අයේෂා නමැති තරුණියකටය.

ඇය එංගලන්තයේ විනිසුරුවරියක වූ සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාවයි. එසේම කුමන හෝ ජන වර්ගයක තුන්වන ලාබාලතම විනිසුරුවරිය වන්නේද අයේෂා මහත්මියයි.

ඇයගේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ ඇය විශේෂඥ වෛද්‍යවරියකද වීමය. ඇය 14 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාවේ සිට එංගලන්තය බලා සංක්‍රමණය වී ඇත. අනතුර ඇය එංගලන්තයේ ලීඩ්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇත. අනතුරුව ඇය හැරොගේට් හි විශේෂඥ වෛද්‍යවරියක ලෙසද කටයුතු කර තිබෙනවා. අනතුරුව ඇය ලීඩ්ස් සරසවියේම නීතිවේදය හැදෑරීමට පියවර ගෙන ඇත. පසුව ඇය බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
3
+1
20
+1
3
+1
1
+1
8
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?