spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උ.පෙළ කඩඉම් ලකුණු ඉදිරි සති 03 ඇතුළත

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ඉදිරි සති 03 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළා.

අද (25) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, 2023 වසරේ දී නිවාඩු කාලය අඩුකර පාසල් කාලය වැඩිකිරීමට බලාපොරොත්තුවන බව ද සඳහන් කර සිටියා.

විෂය නිර්දේශය එම වර්ෂය තුළ අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් මෙය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.

එසේ වුවහොත් අපොස සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාග එම නිශ්චිත කාලසීමාවන් වලදී පැවැත්වීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පාසල් උපකරණවලින් සෙස් බද්ද ඉවත්කර ගැනීම පිළිබඳව ලබන සඳුදා දිනයේ දී තමන් විසින් අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?