උසාවියට පැමිණි පුද්ගලයාගේ ඉනේ අරක්කු කාලක් තිබී මාට්ටු

රජයේ අරක්කු කාලක් (මිලිලීටර් 180 අඩංගු) බෝතලයක් ඉනේ සගවාගෙන පානදුර අධිකරණ භූමියට ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අද (28) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, මොරවින්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .

සැරයන් ප්‍රනාන්දු සහ සිවිල් ආරක්ෂක නිලධාරී නදීරා අධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි නියුතුව සිට ඇති අතර , සැකකරු අධිකරණ භූමියට ඇතුළුවීමට ප්‍රථම කල ශරීර පරීක්ෂාවේදී රජයේ අරක්කු මිලිලීටර් 180 ක් අඩංගු බෝතලයක් ඉනේ සගවාගෙන සිටියදී සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

අධිකරණයට ඉදිරිපත් කර සිටී පුද්ගලයෙකුට ඇප ලබාදීම සදහා සැකකරු පැමිණ ඇති බවත්, මෙය කිසියම් පුද්ගලයෙකුට ලබාදීමේ අරමුණින් රැගෙන විත් ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂක සිදුකරන බව සදහන්වේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46